මල් මංගල්ලෙට මන බඳිනා විලාසිතා 


Jul 15, 2014    Views: 3103

මනාලියක වීමේ සොඳුු සිහිනය අබියස හිඳිනා ඔබ පෙරුම් පුරන්නේ කාගේත් නෙත් සිත් පැහැර ගන්නා යුවතියක ලෙසින් පතිකුලයට පිවිසීමටයි. ඔබේ ඒ සිහිනයට නැවුම් සුන්දරත්වයක් එක් කිරීමට මේ ලස්සන ඔසරි විලාසිතාවලට හැකිවේවි. බොහෝවිට මනාලියකගෙන් දිස්වන අප නෙතට හුරු වර්ණ වනුයේ සුදු, බිස්කට් කලර්, අයිවරි කලර් වැනි වර්ණයි.

එම වර්ණවලින් බැහැරව නිර්මාණය කළ අලංකාරවත් උඩරට මනාලියකි මේ. ඇත්දළ පැහැති නෙට් සහ සිමා රෙද්ද මිශ්‍ර වූ අයිවරි වර්ණ සාරියකින් සැරසුණු මේ මනාලියගේ සාරි හැට්ටයේ අත් වැළමිට දක්වා දිගුකර මසා ඇති අතර අත් දිගට සහ සම්පූර්ණ කර වැසෙන ලෙස නෙට් රෙද්ද භා

 

විත කර ඇත. එමඟින් ඇය තවත් සුන්දරව දිස් වේ. මේ සාරි හැට්ට විලාසිතාව අනෙක් හැට්ටවලට වඩා වෙනස් ආකාරයකින් යුතු සාරි හැට්ටයකි. ඔසරියේ සුන්දරත්වය වැඩි කිරීමට ඇගේ ආභරණ කට්ටලයට හැකිව තිබේ. උඩරට සම්ප්‍රදායට අනුකූලව සැකසුණු මේ ආභරණ කට්ටලය ඇයට එක්කර ඇත්තේ තවත් ආකර්ෂණීය පෙනුමකි. ඊටම නො දෙවැනි ලෙස ඇගේ මල් කලඹ නිර්මාණය

 

වී ඇත. ඒ සඳහා ඇය පැලනොප්සීස් නම් ඕකිඩ් වර්ගය යොදාගෙන ඇත. ඇගේ කොණ්ඩා මෝස්තරය ද සාමාන්‍ය ඔසරි විලාසිතාවකදී දමන ආකාරයේ බන් එකකි. එය නො පෙනෙන පරිදි හිස වටා ස්ටාර් ෆ්ලවර්ස් සහ ඉද්ද පොහොට්ටු කීපයක් රදවාඇත.

 

ඇය ඇගේ දෙවැනි ගමනට තෝරා ගෙන ඇත්තේ ද ඔසරි විලාසිතාවකි. එහි හැට්ටයේ ඉහළ කොටස ඔසරියට ගැළපෙන අයුරින් බෝරිච්චිකර ඇති අතර ඉතිරිය වැලමිට දක්වා දිගුකර ඇත. මෙය වෙල්බෝන් යෙදූ පි‍්‍රන්සස් ලයින් සාරි හැට්ටයකි. මෙය මොඩන් කැන්ඩියන් විලාසිතාවක් නිසා ආභරණ සඳහා යොදාගෙන ඇත්තේ කර මාලය, අගස්ති මාලය සහ වෙරළු ඇට මාලය පමණි.

 

මේ සොඳුරු මනාලියගේ කොණ්ඩා මෝස්තරය ලෙස සාමාන්‍ය ගෙඩි කොණ්ඩය යොදා ඇති අතර රෝස මල් සහ ඕකිඩ් වලින් එය ආවරණයකර තිබුණි. ඒ සමඟම තනි තැල්ලක් දමා ඇත.

 

එසේම ඇගේ මල් කළඹ නිර්මාණයකර ඇත්තේ රතු, රෝස සහ ඕකිඩ් මල්වලිනි. මෙහි සිටින අනෙක් මනාලිය බේජ් කලර් නෙට්වර්ක් ඔසරියකින් සැරසී සිටියි. එය මොඩ්න් කැන්ඩියන් විලාසිතාවකි.

 

මෙම ඔසරිය පුරාවටම ස්ටෝන් සහ බීඩ්ස් අලවා ඇත. මෙහි සාරි හැට්ටය මසා තිබෙන්නේ තරමක් වෙනස් ආකාරයකටය. හයිනෙක් කර සහිතව පිටුපස විවෘතකර අත් දිග සාරි හැට්ටයේ ඩබල්කප් යොදා ඇත. මෙහි සම්පුර්ණ පිටුපසට නෙට් කොටසක් දමා ඇත.

 

ඇගේ ආභරණ ලෙස යොදාගෙන තිබෙන්නේ මොඩන් කැන්ඩියන් සෙට් එකකි. මේ සොඳුරු මනාලියගේ මල් කළඹ සඳහා කහ අරලිය, කපුරු සහ බේබිස්බ්‍රෙත් මල් යොදාගෙන තිබේ.

 

දෙවැනි ගමනට ඇය තෝරාගෙන ඇත්තේ ඉන්දියානු විලාසිතාවකි.

 

රතු සහ කොළ වර්ණ ඩූම් වර්ගයේ සාරියක් වන මෙය ස්ටෝන්ස් සහ බීඩ්ස් වර්ක් එකකින් හැඩගන්වා තිබේ. එසේම මේ මනාලියගේ සාරි හැට්ටය කොලරය සහිත ඕක් ෂෝල්ඩර් සාරි හැට්ටයකි.

 

ආභරණ සඳහා ඇය තෝරාගෙන ඇත්තේ ඉන්දියානු සම්ප්‍රදායට අයත් ආභරණ කට්ටලයකි. ඇගේ මල් කලඹ ද සාරියට ගැළපෙන අයුරින් විචිත්‍රවත් ආකාරයට නිමවා ඇත. ඒ සඳහා රතු රෝස මල් යොදා ගෙන තිබේ.

 

එසේම ඇගේ කොණ්ඩා මෝස්තරයේ පිටුපස බ්ලොක් කර්ල් විලාසිතාව අනුව සකසා ඇත. කොණ්ඩය අලංකාරකර ගැනීමට රෝස සහ ඕකිඩ් මල් කිනිති යොදාගෙන තිබේ. සාමාන්‍යයෙන් ඉන්දියන් විලාසිතාවකට අනුව හැඩවී ඇති මේ යුවතිය තුළින් දිස්වන්නේ නවමු ගතියකි.

 

සාරි මෝස්තර නිර්මාණය සහ හැට්ට නිර්මාණය, ගණේමුල්ල වෙරෝණිකා ෆැෂන් ඇකඩමි හි උපදේශිකා වෙරෝණිකා කුමාරි

හැඩගැන්වීම ගණේමුල්ල, බොල්ලත සකූ සැලෝන් හි සකුන්තලා

බෙම්මුල්ල විලාසී සැලෝන් හි විනීතා කේ. පෙරේරා

ඡායාරූප - ශාන් ප්‍රභාත් රඹුක්වැල්ල

නිරූපණය - පියුමි, තිළිණි

 

Image

Views: 25      Aug 05, 2019

Views: 62      Jul 23, 2019

Views: 80      Jul 15, 2019

Views: 66      Jul 15, 2019

Views: 80      Jul 13, 2019

Views: 146      Jul 08, 2019

Views: 78      Jul 08, 2019

Views: 105      Jul 04, 2019

Views: 115      Jun 28, 2019

Views: 90      Jun 28, 2019

Views: 85      Jun 28, 2019

Views: 94      Jun 28, 2019

Views: 88      Jun 28, 2019

Views: 99      Jun 24, 2019

Views: 98      Jun 24, 2019

Views: 75      Jun 19, 2019

Views: 83      Jun 19, 2019

Views: 78      Jun 19, 2019

Views: 72      Jun 19, 2019

Views: 95      Jun 03, 2019

Views: 103      Jun 03, 2019

Views: 100      Jun 03, 2019

Views: 104      Jun 03, 2019

Views: 130      Jun 02, 2019

Views: 83      Jun 01, 2019

Views: 105      May 29, 2019

Views: 98      May 29, 2019

Views: 100      May 29, 2019

Views: 100      May 29, 2019

Views: 106      May 29, 2019

Views: 83      May 28, 2019

Views: 85      May 27, 2019

Views: 84      May 27, 2019

Views: 80      May 26, 2019

Views: 174      Apr 10, 2019

Views: 180      Apr 10, 2019

Views: 192      Apr 10, 2019

Views: 189      Apr 09, 2019

Views: 186      Apr 09, 2019

Views: 263      Mar 15, 2019